අදත් පික් ගැන මොනවා හරි ලියල යන්න තමයි හදන්නේ. අද ලියන්න හදන්නේ පික් ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය වෙන සොෆ්ට්වෙයා මොනවාද කියලා.
මුලින්ම අවශ්‍ය වෙනවා ප්‍රෝග්‍රෑම් එක ලියන්න ටෙක්ස්ට් එඩිටර් එකක්, ඊට පස්සේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරන්න කම්පයිලර් සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය වෙනවා අන්තිමට අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක පික් එකට Write(Burn) කරන්න සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය වෙනවා.මේ එක එකක් ගැන වෙන වෙනම බලමු.
ටෙක්ස්ට් එඩිටර්(Text Editors)
මේක අවශ්‍යය වෙන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න විතරයි.මේ සදහා ඕනම ප්ලේන් ටෙක්ස්ට් එඩිටර් එකක් භාවිතා කරන්න පුලුවන් උදාහරණ විදියට Notepad,Notepad++,Gedit,Vi,Vim,TextEdit(on Mac),Sublime Text etc. ඒ උනාට මීට වඩා පහසුකම් තියන එඩිටර් තියනවා. ඒවා ගැන අන්තිමට කියන්නම්.
කම්පයිලර්/ඇසෙම්බ්ලර් සොෆ්ට්වෙයා(Compilers and Assembler software)
ප්‍රධාන වශයෙන් පික් එකකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පරිඝනක භාශා වර්ග 2ක් භාවිතා කරනවා High level Programming languages සහ low level programming languages.
මේ high level programming languages වලින් ප්‍රධාන වශයෙන් C කියන පරිඝනක භාශාව තමයි පික් ප්‍රෝග්‍රැම් කරන්න භාවිතා කරන්නේ( C හැර තව ගොඩක් ඒවා තියනවා). මේ හයි ලෙවල් ලැනග්වේජස් වලින් ලියන වැඩසටහනක් කෙලින්ම පික් එකකට ඇතුල් කරන්න බැහැ ඊට කලින් මේ වැඩසටහන පික් එකට තේරුම් ගන්න පුලුවන් තත්වයට පත් කරන්න වෙනවා අන්න ඒ සදහා භාවිතා කරන සොෆ්ට්වෙයා එකට තමයි කම්පයිලර් එකක් කියලා කියන්නේ, අපි C වගේ හයි ලෙවල් ලැන්ග්වෙජ් එකකින් ලියපු වැඩසටහන පික් එකට තේරුම් ගන්න පුලුවන් මැශින් ලැන්ග්වේජ් එකට පත් කරන එකට කම්පයිල් කරනවා කියලා කියනවා. කම්පයිල් කරාට පස්සේ අවුට්පුට් එක විදියට .HEX (or .hex) එක්ස්ටෙන්ශන් එක තියන ෆයිල් එකක් ලැබෙනවා ඒකට සාමන්‍යෙන් හෙක්ස් ෆයිල් එක කියලා කියනවා. මේ සදහා භාවිතා කරන්න පුලුවන් කම්පයිලර්ස් විශාල සංඛ්‍යාවක් තියනවා උදාහරණ කිහිපයක් කිවුවොතින් Microchip XC8,HighTech C compiler,Mikro C,SDCC etc. මේවායින් ගොඩක් හොඳ කම්පයිලර්ස් මුදල් ගෙවා ලබා ගන්න අවශය වෙන ඒවා. සමහර ඒවායේ නොමිලේ දෙන සංස්කරණයක් තියනවා හැබැයි ඒවයේ ලියන්න පුලුවන් වැඩසටහනේ සීමාවන් තියනවා(eg- Mikro c),සමහර ෆ්‍රී ඒවායේ කම්පයිල් කරලා ලැබෙන අවුට් හෙක්ස් ෆයිල් එකේ සයිස් එක වැඩියි(ex - Microchip XC8) පික් එක්ක මෙමරි තියෙන්නේ කුඩා ප්‍රමාණයක් නිසා මෙහෙම ලොකු හෙක්ස් ෆයිල් එකක් පික් එක්ට රයිට් කරන්න බැහැ හැබැයි ඒ කම්පයිලර් එකේම ප්‍රෝ වර්ශන් එකේ කෝඩ් ඔප්ටිමසේශන් එක වැඩි නිසා පොඩි හෙක්ස් ෆයිල් එකක් තමයි අවුට්පුට් එකට ලැබෙන්නේ. මේ කොහොම වුනත් අපි පටන් ගන්නකොට ගොඩක් ලොකු කෝඩ් ලියනේ නැති නිසා ෆ්‍රී වර්ශන් එකක් හොඳටම ඇති.මම නම් සාමාන්‍යෙන් පාවිචිචි කරන්නේ Microchip XC8 කියන එක ඒකේ දවස් 60ක සම්පූර්ණ කෝඩ් ඔප්ටිමයිසේශන් එක්ක භාවිතා කරන්න පුලුවන්. දවස් 60 එක්ස්පයර් වුනාම වර්චුවල් මැශින් එකකට අලුතෙන් ඉන්ස්ටෝල් කරලා කෝඩ් එක සම්පූර්ණ ඔප්ටිමයිසේශන් එක්ක කම්පයිල් කර ගන්නවා :)
low level programming languages හෙවත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් වලින් MPASM කියන එක තමයි පික් සඳහා භාවිතා කරන්න පුලුවන් වෙන්නේ.මේක නොමිලේම ලබාගන්න පුලුවන් එකක් මේක මයික්‍රෝචිප් MPLAB IDE කියන IDE (Intregated development Environment) එකත් එක්ක නොමිලේම ලැබෙනවා. මේ ඇසෙම්බ්ලර් වලින් කරන්නෙත් කම්පයිලර් වලින් කෙරන කාර්යයට ටිකක් සමාන දෙයක්ම තමයි. මේකෙදි අපි ලියන ඇසෙම්බ්ලි කෝඩ් එක පික් එකට තේරුම් ගන්න පුලුවන් මැශින් ලැන්ග්වේජ් එකට පරිවර්තනය කරන එක තමයි කරන්නේ
high level programming languages වලදි අපි කෝඩ් එක ලියද්දි ඒ තරම් හාඩ්වෙයා ගැන දැන ගන්න ඔනේ වෙන්නේ නැහැ මේ භාශාවන් මැශින් ලැන්ග්වේජ් එකට වඩා අපි භාවිතා කරන භාශා(english) වලට සමීපයි මේ නිසා තමයි කියල කියන්නෙ හැබැයි ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් අපි භාව්තා කරන භාශා වලට වඩා මැශින් ලැන්ග්වේජ් එකට තම යි සමීප ඒක නිසා තමයි ඒවාට low level programming languages කියලා කියන්නේ.
ප්‍රෝග්‍රැමර් සොෆ්ට්වෙයා
මේවා අවශය වෙන්නේ අපි ලියලා කම්පයිල් කර ගනිපු ප්‍රෝගෑම් එක පික් එක තුලට කර ගැනිම සඳහා. ප්JDM රෝග්‍රැමර් එකක් භාවිතා කරනවා නම් icproj,winpic800 කියන ප්‍රෝග්‍රැමර් භාවිතා කරන්න පුලුවන් පික් කිට් 2 එකක් භාවිතා කරනවා නම් මයික්‍රෝචිප් IPE කියන එක භාවිතා කරන්න පුලුවන්
අපි මොනවද මේවායින් භාවිතා කරන්නේ?
අපිට භාවිතා කරන්න පුලුවන් පහසුම සොෆ්ට්වෙයා තමයි මයික්‍රෝචිප් ආයතනය මගින් ලබා දෙන MPLAB IDE, MPLABX, MPASM, Microchip XC8 කියන සොෆ්ට්වෙයා.
මේවායින් MPLAB IDE කියන්නේ ඇසෙම්බ්ලර් එක ප්‍රෝග්‍රැමර් එක සහ ටෙක්ස් එඩිටර් එක යන තුනම එකට ඇතුලත් කරල හදපු IDE එකක් මේක භාවිතා කරනවා නම් ඇසෙම්බ්ලර් එකක් වෙනම ඉන්ස්ටෝල් කරන්න ඔනේ නැහැ මේකත් එක්කම ඉන්ස්ටෝල් වෙනවා කෝඩ් සිමියුලේශන් සහ ඩිබගින් සපොර්ට්නුත් තියන බොහොම පවර්ෆුල් සොෆ්ට්වෙයා පැකේජ් එකක් මේක මගින් වැඩසටහන ලිවීමේ සිට පික් එක තුලට ඇතුලත් කිරීම දක්වා සියලුම දේ කර ගන්න පුලුවන්.Micorchip XC8 කම්පයිලර් එක වෙනම ඉන්ස්ටෝල් කරල මේ IDE ත් එක්ක භාවිතා කරන්නත් පුලුවන් හැබැයි වින්ඩෝස් උඩ විතරයි ඉන්ස්ටෝල් කරන්න පුලුවන් වෙන්නේ.
MPLABX කියන්නේ මයික්‍රෝචිප් ආයත්නය ලඟදි හඳුන්වා දීපු IDE එක මේක නෙට්බීන්ස් කියන ඔපන්සෝස් IDE එක මත පදනම් වෙලා තියන එකක් මේකෙත් MPLAB IDE එකේ තියන පහසුකම් සියල්ල තියනවා ඊට අමතරව මේක Windows,Linux,Mac OSX කියන ප්ලැට්ෆොම් 3ම භාවිතා කරන්න පුලුවන්.මයික්‍රොචිප් ආයතනයේ අනාගත IDE එක මේක නිසා මේකට පුරුදු වෙන එක හොඳයි.
මේ සොෆ්ට්වෙයා වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරන්න කිසිම අපහසුවක් නැහැ සමාන්‍ය විදියට ඩබල් ක්ලික් කරලා සෙටප් එක කම්ප්ලීට කරන්න තියෙන්නේ. වින්ඩෝස් 8 වලදි නම් පහල කියල තියන විදියට .NET Framework 2.0 එනේබල් කරන්න ඔන ඉන්ස්ටෝල් කරන්න කලින්
ඉස්සෙල්ලම මෙතනට යන්න Control Panel -> Program and Features -> Turn Windows Features on or off ඊට පස්සේ ඒ එන ඩයලොග් බොක්ස් එකේ .NET Frame woek 3.5 (Inclused .NET 2.0 and 3.0) ටික් එක දාලා ඕකේ කරන්න පොඩි ඩවුන්ලෝඩ් එකක් (20MB-40MB i don't remember) වේවි එච්චරයි.
මැක් වල නම් .dmg එක මවුන්ට් කරල සෙටප් එක ඩබල් ක්ලික් කරාම ඉන්ස්ටෝල් කරන්න පුලුවන් මෙ ප්ලැට්ෆෝම් දෙකේදිම MPLAB-X ඉන්ස්ටෝල් කරද්දි කී එකක් ඉල්ලනවා ඒකට කී එකක් නැතුව නෙක්ස්ට් කරලා ෆ්‍රී වර්ශ්න් එක විදියට ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
ඊලඟ දවසේ ප්‍රෝගෑම් එකක් ලියන හැටි බලමු
Download Links
MPLAB IDE and MPLAB-X
http://www.microchip.com/stellent/idcplg?IdcService=SS_GET_PAGE&nodeId=1406&dDocName=en019469&part=SW007002
Microchip XC8 Compilers
http://www.microchip.com/pagehandler/en_us/devtools/mplabxc/
Download Links
MPLAB IDE and MPLAB-X
http://www.microchip.com/stellent/idcplg?IdcService=SS_GET_PAGE&nodeId=1406&dDocName=en019469&part=SW007002
Microchip XC8 Compilers
http://www.microchip.com/pagehandler/en_us/devtools/mplabxc/