මේ බ්ලොග් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ සමහර අය මාර ආසාවෙන් ඉගෙන ගන්න දෙයක් ගැන.ඒ තමයි රොබෝටික්ස් සමහර තැන් වල මේවාට පාඨමාලා තියනවා(හැබැයි ගාන ඇහුවාම $%^^&*$@*..... ) සමහර කැම්පස් වලත් තියනවා හැබයි මම නම් තනියම තමා ඉගෙන ගත්තේ මේ ඒ තනියම ඉගෙනගනිපු දේ තව කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන විදියට ලියන්න තමයි හදන්නේ.වැල් වටාරම් ඇති පටන් ගනිමු එහෙනම්......
සාමාන්‍යයෙන් රොබෝ යන්ත්‍රයක තියෙන්නේ යාන්ත්‍රික කොටස් සහ එවා පාලනය කිරීමට සැකසූ පරිගනක පද්දතියකුයි මෙහිදි මෘදුකාංගමය කොටස සඳහා විශේශයෙන් සැලසුම් කරන ලද මෙහෙයුම් පද්දති සහ මෘදුකාංග යොදා ගන්නවා. සාමාන්‍ය මෙහෙයුම පද්දති (වින්ඩෝස් හෝ සාමාන්‍ය ලින්ක්ස්, මැක් වැනි ) වල තාක්ශනික සැකසුම අනුව රොබෝ යන්ත්‍රයක් පාලනය කිරීම සඳහා නුසුදුසුයි. මෙවා සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්දති වලට Real time Operating systems යැයි කියනු ලබනවා.මෙහිදි මා විසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ සරල රොබෝ යන්ත්‍රයක්(බාධක මගහැර ගමන් කරන කුඩා කාරයක්,දුරස්ත පලකයකින් ක්‍රියා කරන රතයක් ) සැකසීම පිලිබඳවයි. මෙවන් සරල කර්තව්‍යක් සඳහා අවශ්‍ය වන සරල වැඩසටහනක් අපහසුවකින් තොරව අපටම ලියා ගතහැකියි.එය තමා විසින්ම ලියා ගැනීම තම දැනුම් මට්ටම වැඩිකර ගැනීමේ මාවතක් ද වනු නොවනුමානයි.
මෙහි සඳහන් කිරීමට බලා පොරොත්තු වන්නේ හාඩ්වෙයා කොටස සඳහා පික් නම් වු අයි සී ශ්‍රේනිය භාවිතා කිරීමයි.අවශය වැඩසටහන් අපි විසින්ම සකස් කරගත හැකියි. සාමාන්‍ය අයි සී එකක් යම් විශේශිත කාර්යකට පමනක් නිපදවා ඇති අතර එවන් අයි සී එකක් භාවිතා කල හැක්කේ සීමා සහිත කාර්යන් කිහිපයකට පමනකි. නමුත් මයික්‍රෝකන්ට්‍රෝලර් ලෙස හැඳින් වෙන අයි සී වර්ගය අපට ප්‍රෝගෑම කරගතහැකි අතර අසීමිත කාර්යයන් ප්‍රමානයකට නිර්මානශීලීත්වය අනුව යොදා ගත හැක. කලින් සඳහන් කර ඇති පික්[pic] යනු මයික්‍රෝචිප් සමාගම http://www.microchip.com මගින් නිශ්පාදනය කරනුලබන මයික්රෝකන්ට්රෝල්රර් ශ්රේනියකි මෙයට අමතරව විවිද සමාගම් මගින විවිද මයික්රෝකන්ට්රෝල්රර් නිපදවනු ලැබුවත් ශ්‍රි ලංකාව තුල මිලදී ගැනීමේ අපහසුතා පවතී.
මෙම සටහන් සියල්ල මෙම පික් microcontroller ශ්‍රේනිය මත පදනම්ව පවතී.
මයික්‍රෝකන්ට්‍රෝලර් එකක් යනු සාමාන්‍ය පරිගනකයක ඇති සියලුම කොටස්(අඩු වැඩි වශයෙන් ඇති ) තනි ඒකකයකි.මේ තුල සරල ප්‍රොසෙසරයක්,මතකයක් පිටත ලෝකය සමග කටයුතු කිරීමට පෝර්ට්ස් ආදී සියල්ලම ඇත.සාමානය පරිගනක ප්‍රොසෙසරයක් තුල ඇති උපාංග වලට අමතර උපාංග මෙම මයික්‍රෝකන්ට්‍රෝලර් ඒකකය තුල පවතී නමුත් මෙය සාමාන්‍ය පරිගනක ප්‍රොසෙසරයක් තරම් ප්‍රභල නොවේ.පරිගනක ප්‍රොසෙසරයක් ගිගා හ'ට්ස් වලින් (Ex 2.0,2.2,...3.2GHz) ක්‍රියා කරත් මෙම මයික්‍රෝකන්ට්‍රෝලර් එකක් මෙගා හ'ට්ස් කිහිපයකින්(Ex 4MHz, 15MHz) පමනක් ක්‍රියා කරයි.
මෙම වේගය අපගේ කටයුතු වලට හොඳටම ප්‍රමානවත් වේ.
මෙහි ඉදිරියේදි පල කිරීමට බලා පොරොත්තුවන ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව කිරීමට බලාපොරොත්තුවන්නේ නම් පහත උපකරන අවශ්‍යවේ.
කුඩා ප්‍රමානයේ උල් අඬුවක්.
වොට් 20 පමන බවුත් එකක්(DC විදුලියෙන් ක්‍රියා කරන්නේ නම් වඩා හොඳයි )
සැහැල්ලු ලෑලි කැබැල්ලක්(මවුස් පෑඩ් එකක තරමේ හෝ අඟල් 10x10 චීප් බෝඩ් කැබැල්ලක් නම් වඩා හොඳයි )
කුඩා නියන් (screw drivers) කට්ටලයක්
පරිපත පුවරුවල 0.5mm සිදුරු විද ගැනීමට උපකරනයක් [මෙහෙම එකක් නැතිනම් හදා ගන්නා හැටි මම කියලා දෙන්නම්]
වොල්ටීයතාව වෙනස් කිරීමට හැකි DC විදුලි බල සැපයුමක් [මෙහෙම එකක් නැතිනම් හදා ගන්නා හැටි මම කියලා දෙන්නම්]
තිබේ නම් මල්ටිමීටරයක්(අත්‍යවශ්‍ය නැත )
කුඩා වයර්(සර්කිට් වයර් ),පෑස්සීමට ගන්නා ඊයම් කම්බි,රට දුම්මල(හෝ පෑස්සුම් උපකාරී ස්රාවය soldering flux ),වෙරෝ බෝඩ් එකක්, කුඩා වැලිකඩදාසි කැබල්ලක්.මේ සියල්ල සුලු මුදලකට ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවි සලකින් මිල දී ගත හැකියි.
මීට අමතරව අවශ්‍යවන උපකරන ගැන අවශ්‍ය අවස්තාවලදී සඳහන් කරනු ලැබේ.
මීට අමතරව පරිගනකයක් අවශයවේ[සීරියල් පෝර්ට්ස් තිබීම අත්‍යාවශයි](මට වගේ යාලුවෙකුගේ එකක් තිබුනහම හොඳටම ඇති )
(පරිගනකයේ වින්ඩොස් xp අනිවාර්යයි වර්චුවල් බොක්ස් හෝ වයින් හරියන්නේ නැත,පරිගනකය ඔබේ නම් වෙනමම පාටිශන් එකකට වෙනමම වින්ඩෝස් xp ස්තාපනය කර ගැනීම නිර්දේශ කරමි )
මා සතු උපකරන කට්ටලයේ ඡායාරූප ඉදිරියේදී පලකරන්නම්.
මෙන්න pic එකක පින්තුරයක්
මෙන්න pic වලින් කරපු වැඩක්
එළ වැඩක්. දිගටම කර ගෙන යං
ReplyDeleteඑල..එල.. මම නම් මාර ආසයි මේකට. ඊලග එක ඉක්මනටම කියල දෙන්න. සුභ පැතුම්
ReplyDeleteඑල එල කවුරුවත් නොකරන ජාතියෙ වැඩක්.... ඇත්තටම මේක උදව්වක් බොහොම ස්තූතීයි, දිගටම කරගෙන යන්න මගෙන් සුභපැතුම්
ReplyDeleteපට්ට වැඩක්.දිගටම කරගෙන යන්න සුබ පතනවා.
ReplyDeleteහි හී මේ අපේ වම්බොට්ටා වෙන්න ඕන මට වැරදුනේ නැත්නම්.
ReplyDeleteමොකො anonymous.
එළ එළ කියමු කියමු. මාත් ආසයි ඔය පැත්තට.
"පරිපත පුවරුවල 0.5mm සිදුරු විද ගැනීමට උපකරනයක්
වොල්ටීයතාව වෙනස් කිරීමට හැකි DC විදුලි බල සැපයුමක්"
මේව හදාගන්න හැටි කියල පටන් ගනින් හරිද
~නියමයි.... ඔන්න මමත් බලන් ඉන්නවා.......
ReplyDeleteදිගටම කරගෙන යන්නග
ReplyDeleteThank you very much for this article! I'm waiting to read the rest of the articles. Thank you for sharing such valuable information. I know this is a tedious work!
ReplyDeleteKeep up the good work !!
Take Care !!!
ඔන්න පලවෙනි ලිපිය කියෙව්වා...
ReplyDeleteනියමයි.... ඔන්න මමත් දිගටම බලනවා..
ReplyDeleteI like this field to!!
hi try this blog also
ReplyDeletehttp://bruceleefansclub.blogspot.com/