Tuesday, January 5, 2010

උපකරණ . . . . . . . . . . .

අද පික් ගැන ටිකක් අමතක කරලා අවශ්‍ය වෙන අමතර ඉලෙක්ට්‍රොනික් ටිකක් තමය් ලියන්න හදන්නේ.ඉතින් බසා කිවුවා වගේ ඉස්සරවෙලාම පරිපත පුවරු වල සිදුරු විද්න උපකරනයක් හදා ගන්න හැටි කියන්නම් ඒත් ඊට කලින් සරලව ඉලෙක්ට්‍රොනික පරිපත සකස් කිරීම ගැන හැඳින් වීමක් කරන්නම්.සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික පරිපතයක් සකස්කිරීම සිදුකරන්නේ කුමක් හෝ විද්‍යුත් පරිවාරක පුවරුවක් මත සිදුරු සකස් කර එම සිදුරු තුලින් උපාංග ඇතුලු කර උපාංග ඇතුලු කරන ලද පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් උපාංග වල අග්‍ර හෝ කම්බි යොදාගෙන පරිපත සටහනකට අනුව උපාංග වල අග්‍ර පෑස්සීම මගින් තමයි.නමුත් මේ ක්‍රමය මගින් පරිපත සකස් කිරීමේදී දෝශ බොහොමයක් පවතිනවා මූලිකම දෝශය තමයි කල් පැවැත්ම අඩුවීම ඒ වගේම පහසුවෙන්ම අකර්මන්‍ය වෙන්න පුලුවන්.නමුත් මේ ක්‍රමය ගොඩක් ලාභ දායක හා පහසු ක්‍රමයක් නිසා ආධුනික පරිපත සකස්කරන්නන් බොහොමයක් මේ ක්‍රමය තමයි යොදා ගන්නේ.බොහෝ දෙනා දැකලා ඇති මේ විදියට ෆෝමිකා තහඩු මත නිර්මානය කරනලද පරිපත(පින්තූරය බලන්න ).නමුත් මීට වඩා සුලු මහන්සියකින් හා ඉතා සුලු වියදමක් දැරීම මගින් ඉතාඉහල ගුණාත්මයෙන් යුතු පරිපත සකස් කර ගත හැකියි අද එහෙම කරන්න තියන ක්‍රම කීපයක් ගැන කියලා දෙන්නම්.

සාර්තක පරිපත සකස්කිරීමේ ක්‍රමවේදයන්

මෙ සඳහා යොදා ගන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා
1.වෙරෝ(Vero Boards) පුවරු යොදා ගැනීම
2.ඇසෙම්බල්(Bread Boards) පුවරු යොදා ගැනීම
3.අයි.සී පුවරු(I.C Boards) යොදා ගැනීම
4.මුද්‍රිත පරිපත පුවරු(Printed Circuit Boards) යොදා ගැනීම මේ එකින් එක සලකා බලමු.

වෙරෝ(Vero Boards) පුවරු යොදා ගැනීම
වෙරෝ බෝඩ් කියලා කියන්නේ තුනී ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යකින් හදලා තියෙන පුවරු වර්ගයක්.මෙවා විවිද ප්‍රමාන වලින් වෙලඳපලේ මිලදී ගන්න පුලුවන් මෙවායේ සාමාන්‍යය අයි සී එකක අග්‍ර ඇතුලුකිරීමට හැකි ආකාරයෙන් පුවරුව පුරාම සිදුරු සකස් කර තිබෙනවා.විශේශම දේ තමයි මෙවායේ පිටුපස පැත්තේ ත්ඹ තීරු සහිතයි මේ නිසා මෙ තීරු මගින් කලින් කී සිදුරු පේලි විදියට සම්බන්ද වෙලා තියනවා මෙවායේ තියන තඹ තහඩුවනිසා උපාංග ඇතුලුකරලා බෝඩ් එකටම පාස්සන්න පුලුවන් තඹ තහඩුව මගින් උපාංග අතර සම්බන්දය ඇතිකරන්නත් පුලුවන් අමතර කම්බිත් යොදාගෙන හොඳ තත්ත්වයේ පරිපත සකස් කල හකියි අවාසිය තමයි පරිපතය මෙ පුවරුවට අදාලව සැලසුම් කරගතයුතු වීම.ඇසෙම්බල්(Bread Boards) පුවරු යොදා ගැනීම
මේක ටිකක් විශේශිත පුවරුවක් මේක මත පරිපත සකස් කරලා සියලුම උපකරන නිරුපද්‍රිතව ඉවත්කරගෙන නැවත පරිපතයකට යොදාගැනීමේ පහසුකම තියනවා මෙක ප්ලාස්ටික් පුවරුවක් මෙකෙත් අර වෙරෝ බොඩ් එකේ වගේ සිදුරු තියනව උපාංග සිර කරන්න එවා අතර් සම්බන්දයනුත් තියනවා වැඩිවිස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ලියන්නම් අයි.සී පුවරු(I.C Boards) යොදා ගැනීම
මෙකත් වෙරෝ බෝඩ් එකටම සමාන එකක් එත්මෙකේ සිදුරු තීරු විදියට සම්බන්ද වෙලා නෑ ඒ වෙනුවට හැම සිදුරකටම පහලින් තඹ තිතක් තියනවා උපාංග පුවරුවට මේක මගින් පාස්සන්න පුලුවන් නමුත් සම්පුර්නයෙන්ම කම්බි යොදාගෙන සම්බන්ද කිරීම කරගන්න ඕන.

අදට නතරකරනවා ඊලඟ දවසේ මුද්‍රිත පරිපත පුවරු නිවසේදීම එලකිරි වගේ හදාගන්න කියලා දෙන්නම් මේ පොස්ට් එක ප්‍රමාද වුනාට මිලඟ පෝස්ට් එක ගොඩක් ඉක්මනට ලියනවා.....

ගෙදරදීම PCB සකස් කිරීම Coming Soon. . . . . .

Wednesday, October 7, 2009

මුලින්ම.......

මේ බ්ලොග් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ සමහර අය මාර ආසාවෙන් ඉගෙන ගන්න දෙයක් ගැන.ඒ තමයි රොබෝටික්ස් සමහර තැන් වල මේවාට පාඨමාලා තියනවා(හැබැයි ගාන ඇහුවාම $%^^&*$@*..... ) සමහර කැම්පස් වලත් තියනවා හැබයි මම නම් තනියම තමා ඉගෙන ගත්තේ මේ ඒ තනියම ඉගෙනගනිපු දේ තව කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන විදියට ලියන්න තමයි හදන්නේ.වැල් වටාරම් ඇති පටන් ගනිමු එහෙනම්......
සාමාන්‍යයෙන් රොබෝ යන්ත්‍රයක තියෙන්නේ යාන්ත්‍රික කොටස් සහ එවා පාලනය කිරීමට සැකසූ පරිගනක පද්දතියකුයි මෙහිදි මෘදුකාංගමය කොටස සඳහා විශේශයෙන් සැලසුම් කරන ලද මෙහෙයුම් පද්දති සහ මෘදුකාංග යොදා ගන්නවා. සාමාන්‍ය මෙහෙයුම පද්දති (වින්ඩෝස් හෝ සාමාන්‍ය ලින්ක්ස්, මැක් වැනි ) වල තාක්ශනික සැකසුම අනුව රොබෝ යන්ත්‍රයක් පාලනය කිරීම සඳහා නුසුදුසුයි. මෙවා සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්දති වලට ‍Real time Operating systems යැයි කියනු ලබනවා.මෙහිදි මා විසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ සරල රොබෝ යන්ත්‍රයක්(බාධක මගහැර ගමන් කරන කුඩා කාරයක්,දුරස්ත පලකයකින් ක්‍රියා කරන රතයක් ) සැකසීම පිලිබඳවයි. මෙවන් සරල කර්තව්‍යක් සඳහා අවශ්‍ය වන සරල වැඩසටහනක් අපහසුවකින් තොරව අපටම ලියා ගතහැකියි.එය තමා විසින්ම ලියා ගැනීම තම දැනුම් මට්ටම වැඩිකර ගැනීමේ මාවතක් ද වනු නොවනුමානයි.
මෙහි සඳහන් කිරීමට බලා පොරොත්තු වන්නේ හාඩ්වෙයා කොටස සඳහා පික් නම් වු අයි සී ශ්‍රේනිය භාවිතා කිරීමයි.අවශ‍ය වැඩසටහන් අපි විසින්ම සකස් කරගත හැකියි. සාමාන්‍ය අයි සී එකක් යම් විශේශිත කාර්යකට පමනක් නිපදවා ඇති අතර එවන් අයි සී එකක් භාවිතා කල හැක්කේ සීමා සහිත කාර්යන් කිහිපයකට පමනකි. නමුත් මයික්‍රෝකන්ට්‍රෝලර් ලෙස හැඳින් වෙන අයි සී වර්ගය අපට ප්‍රෝගෑම කරගතහැකි අතර අසීමිත කාර්යයන් ප්‍රමානයකට නිර්මානශීලීත්වය අනුව යොදා ගත හැක. කලින් සඳහන් කර ඇති පික්[pic] යනු මයික්‍රෝචිප් සමාගම http://www.microchip.com මගින් නිශ්පාදනය කරනුලබන මයික්‍රෝකන්ට්‍රෝල්‍රර් ශ්‍රේනියකි මෙයට අමතරව විවිද සමාගම් මගින විවිද මයික්‍රෝකන්ට්‍රෝල්‍රර් නිපදවනු ලැබුවත් ශ්‍රි ලංකාව තුල මිලදී ගැනීමේ අපහසුතා පවතී.
මෙම සටහන් සියල්ල මෙම පික් microcontroller ශ්‍රේනිය මත පදනම්ව පවතී.

මයික්‍රෝකන්ට්‍රෝලර් එකක් යනු සාමාන්‍ය පරිගනකයක ඇති සියලුම කොටස්(අඩු වැඩි වශයෙන් ඇති ) තනි ඒකකයකි.මේ තුල සරල ප්‍රොසෙසරයක්,මතකයක් පිටත ලෝකය සමග කටයුතු කිරීමට පෝර්ට්ස් ආදී සියල්ලම ඇත.සාමානය පරිගනක ප්‍රොසෙසරයක් තුල ඇති උපාංග වලට අමතර උපාංග මෙම මයික්‍රෝකන්ට්‍රෝලර් ඒකකය තුල පවතී නමුත් මෙය සාමාන්ය පරිගනක ප්‍රොසෙසරයක් තරම් ප්‍රභල නොවේ.පරිගනක ප්‍රොසෙසරයක් ගිගා හ'ට්ස් වලින් (Ex 2.0,2.2,...3.2GHz) ක්‍රියා කරත් මෙම මයික්‍රෝකන්ට්‍රෝලර් එකක් මෙගා හ'ට්ස් කිහිපයකින්(Ex 4MHz, 15MHz) පමනක් ක්‍රියා කරයි.
මෙම වේගය අපගේ කටයුතු වලට හොඳටම ප්‍රමානවත් වේ.

මෙහි ඉදිරියේදි පල කිරීමට බලා පොරොත්තුවන ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව කිරීමට බලාපොරොත්තුවන්නේ නම් පහත උපකරන අවශ්‍යවේ.

කුඩා ප්‍රමානයේ උල් අඬුවක්.
වොට් 20 පමන බවුත් එකක්(DC විදුලියෙන් ක්‍රියා කරන්නේ නම් වඩා හොඳයි )
සැහැල්ලු ලෑලි කැබැල්ලක්(මවුස් පෑඩ් එකක තරමේ හෝ අඟල් 10x10 චීප් බෝඩ් කැබැල්ලක් නම් වඩා හොඳයි )
කුඩා නියන් (screw drivers) කට්ටලයක්
පරිපත පුවරුවල 0.5mm සිදුරු විද ගැනීමට උපකරනයක් [මෙහෙම එකක් නැතිනම් හදා ගන්නා හැටි මම කියලා දෙන්නම්]
වොල්ටීයතාව වෙනස් කිරීමට හැකි DC විදුලි බල සැපයුමක් [මෙහෙම එකක් නැතිනම් හදා ගන්නා හැටි මම කියලා දෙන්නම්]
තිබේ නම් මල්ටිමීටරයක්(අත්‍යවශ්‍ය නැත )

කුඩා වයර්(සර්කිට් වයර් ),පෑස්සීමට ගන්නා ඊයම් කම්බි,රට දුම්මල(හෝ පෑස්සුම් උපකාරී ස්‍රාවය soldering flux ),වෙරෝ බෝඩ් එකක්, කුඩා වැලිකඩදාසි කැබල්ලක්.මේ සියල්ල සුලු මුදලකට ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවි සලකින් මිල දී ගත හැකියි.
මීට අමතරව අවශ්‍යවන උපකරන ගැන අවශ්‍ය අවස්තාවලදී සඳහන් කරනු ලැබේ.

මීට අමතරව පරිගනකයක් අවශයවේ[සීරියල් පෝර්ට්ස් තිබීම අත්‍යාවශයි](මට වගේ යාලුවෙකුගේ එකක් තිබුනහම හොඳටම ඇති )
(පරිගනකයේ වින්ඩොස් xp අනිවාර්යයි වර්චුවල් බොක්ස් හෝ වයින් හරියන්නේ නැත,පරිගනකය ඔබේ නම් වෙනමම පාටිශන් එකකට වෙනමම වින්ඩෝස් xp ස්තාපනය කර ගැනීම නිර්දේශ කරමි )

මා සතු උපකරන කට්ටලයේ ඡායාරූප ඉදිරියේදී පලකරන්නම්.
මෙන්න pic එකක පින්තුරයක්


මෙන්න pic වලින් කරපු වැඩක්