Tuesday, January 5, 2010

උපකරණ . . . . . . . . . . .

අද පික් ගැන ටිකක් අමතක කරලා අවශ්‍ය වෙන අමතර ඉලෙක්ට්‍රොනික් ටිකක් තමය් ලියන්න හදන්නේ.ඉතින් බසා කිවුවා වගේ ඉස්සරවෙලාම පරිපත පුවරු වල සිදුරු විද්න උපකරනයක් හදා ගන්න හැටි කියන්නම් ඒත් ඊට කලින් සරලව ඉලෙක්ට්‍රොනික පරිපත සකස් කිරීම ගැන හැඳින් වීමක් කරන්නම්.සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික පරිපතයක් සකස්කිරීම සිදුකරන්නේ කුමක් හෝ විද්‍යුත් පරිවාරක පුවරුවක් මත සිදුරු සකස් කර එම සිදුරු තුලින් උපාංග ඇතුලු කර උපාංග ඇතුලු කරන ලද පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් උපාංග වල අග්‍ර හෝ කම්බි යොදාගෙන පරිපත සටහනකට අනුව උපාංග වල අග්‍ර පෑස්සීම මගින් තමයි.නමුත් මේ ක්‍රමය මගින් පරිපත සකස් කිරීමේදී දෝශ බොහොමයක් පවතිනවා මූලිකම දෝශය තමයි කල් පැවැත්ම අඩුවීම ඒ වගේම පහසුවෙන්ම අකර්මන්‍ය වෙන්න පුලුවන්.නමුත් මේ ක්‍රමය ගොඩක් ලාභ දායක හා පහසු ක්‍රමයක් නිසා ආධුනික පරිපත සකස්කරන්නන් බොහොමයක් මේ ක්‍රමය තමයි යොදා ගන්නේ.බොහෝ දෙනා දැකලා ඇති මේ විදියට ෆෝමිකා තහඩු මත නිර්මානය කරනලද පරිපත(පින්තූරය බලන්න ).නමුත් මීට වඩා සුලු මහන්සියකින් හා ඉතා සුලු වියදමක් දැරීම මගින් ඉතාඉහල ගුණාත්මයෙන් යුතු පරිපත සකස් කර ගත හැකියි අද එහෙම කරන්න තියන ක්‍රම කීපයක් ගැන කියලා දෙන්නම්.

සාර්තක පරිපත සකස්කිරීමේ ක්‍රමවේදයන්

මෙ සඳහා යොදා ගන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා
1.වෙරෝ(Vero Boards) පුවරු යොදා ගැනීම
2.ඇසෙම්බල්(Bread Boards) පුවරු යොදා ගැනීම
3.අයි.සී පුවරු(I.C Boards) යොදා ගැනීම
4.මුද්‍රිත පරිපත පුවරු(Printed Circuit Boards) යොදා ගැනීම මේ එකින් එක සලකා බලමු.

වෙරෝ(Vero Boards) පුවරු යොදා ගැනීම
වෙරෝ බෝඩ් කියලා කියන්නේ තුනී ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යකින් හදලා තියෙන පුවරු වර්ගයක්.මෙවා විවිද ප්‍රමාන වලින් වෙලඳපලේ මිලදී ගන්න පුලුවන් මෙවායේ සාමාන්‍යය අයි සී එකක අග්‍ර ඇතුලුකිරීමට හැකි ආකාරයෙන් පුවරුව පුරාම සිදුරු සකස් කර තිබෙනවා.විශේශම දේ තමයි මෙවායේ පිටුපස පැත්තේ ත්ඹ තීරු සහිතයි මේ නිසා මෙ තීරු මගින් කලින් කී සිදුරු පේලි විදියට සම්බන්ද වෙලා තියනවා මෙවායේ තියන තඹ තහඩුවනිසා උපාංග ඇතුලුකරලා බෝඩ් එකටම පාස්සන්න පුලුවන් තඹ තහඩුව මගින් උපාංග අතර සම්බන්දය ඇතිකරන්නත් පුලුවන් අමතර කම්බිත් යොදාගෙන හොඳ තත්ත්වයේ පරිපත සකස් කල හකියි අවාසිය තමයි පරිපතය මෙ පුවරුවට අදාලව සැලසුම් කරගතයුතු වීම.ඇසෙම්බල්(Bread Boards) පුවරු යොදා ගැනීම
මේක ටිකක් විශේශිත පුවරුවක් මේක මත පරිපත සකස් කරලා සියලුම උපකරන නිරුපද්‍රිතව ඉවත්කරගෙන නැවත පරිපතයකට යොදාගැනීමේ පහසුකම තියනවා මෙක ප්ලාස්ටික් පුවරුවක් මෙකෙත් අර වෙරෝ බොඩ් එකේ වගේ සිදුරු තියනව උපාංග සිර කරන්න එවා අතර් සම්බන්දයනුත් තියනවා වැඩිවිස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ලියන්නම් අයි.සී පුවරු(I.C Boards) යොදා ගැනීම
මෙකත් වෙරෝ බෝඩ් එකටම සමාන එකක් එත්මෙකේ සිදුරු තීරු විදියට සම්බන්ද වෙලා නෑ ඒ වෙනුවට හැම සිදුරකටම පහලින් තඹ තිතක් තියනවා උපාංග පුවරුවට මේක මගින් පාස්සන්න පුලුවන් නමුත් සම්පුර්නයෙන්ම කම්බි යොදාගෙන සම්බන්ද කිරීම කරගන්න ඕන.

අදට නතරකරනවා ඊලඟ දවසේ මුද්‍රිත පරිපත පුවරු නිවසේදීම එලකිරි වගේ හදාගන්න කියලා දෙන්නම් මේ පොස්ට් එක ප්‍රමාද වුනාට මිලඟ පෝස්ට් එක ගොඩක් ඉක්මනට ලියනවා.....

ගෙදරදීම PCB සකස් කිරීම Coming Soon. . . . . .

8 comments:

  1. ඇසෙම්බල්(Bread Boards) පුවරු යොදා ගැනීම
    පිළබද තව විස්තර කරනවාද?

    ReplyDelete
  2. ඔය උඩ තියෙන බෝඩ් වලින් ඔයාට හිතෙන්නේ හොදයි කියලා, වෙරෝ බෝඩ්ද?
    දිගටම ලියන්න..අපි බලනවා..

    ReplyDelete
  3. මේකනම් පට්ට, දිගටම ලියන්න !!!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. .::පිස්සා::.
    ඔය උඩ තියෙන බෝඩ් වලින් ඔයාට හිතෙන්නේ හොදයි කියලා, වෙරෝ බෝඩ්ද?

    වෙරෝ බෝඩ්ස් සර්කිට් හදන්න නියමයි පොඩ්ඩක් සංකීර්නයි තව සමහර අයි සී (ex:- CXA1019/CXA1238) වර්ග වෙරෝ බෝඩ් වලට සවිකරන්න අපහසුයි
    හැබැයි ප්‍රින්ටඩ් සර්කිට් සර්කිට් බෝඩ් තමයි හොඳම

    ReplyDelete
  6. දිගටම ලියන්න. මේ ගැන දැනගන්න පුළුවන් link ටිකකුත් දාන්න.

    ReplyDelete
  7. අනේ අයියෙ මේක දිගටම ලියන්න

    ReplyDelete
  8. එල ආ...!! සිරා.........

    ලෝභ නැතුව මේක දිගටම ලියන්න .. අපි ඉන්නවා කියවන්න.......!!!!

    ReplyDelete

ගල් මුල්,අදහස්,ප්‍රශ්න සේරම මේකේ ලියලා යන්න