පීසීබී වල සිදුරු විදීමේදී ප්‍රමාණ කිහිපයක සිදුරු විදීමේ අවශ්‍යතාව මතුවෙනවා.සාමාන්‍ය අයි.සී,ට්‍රාන්සිස්ටර්,වැනිදේවල් ඇතුලු කරන්න මිලිමීටර් 1ක් හෝ මිලිමීටර් 0.8ක පමන සිදුරු ප්‍රමානවත්.බල ට්‍රාන්සිස්ටර් ,වොට් 3ට වඩා වැඩි රෙසිස්ටර් ,විචල්‍ය ධාරිත්‍රක ,විචල්‍ය ප්‍රතිරෝධක වැනිදේ සඳහා මිලිමීටර් 2ක පමණ සිදුරු ප්‍රමානවත් වෙනවා.මිලිමීටර් 2ක සිදුරක් උල් කටුවක් ආධාරයෙන් වුනත් විදින්න පුලුවන් නමුත් මිලිමීටර් 1ක වගේ සිදුරක් එහෙම අමාරුයි.
මේක හදන්න මුලින්ම පොඩි පොඩි කෑලි ටිකක් ඕන වෙනවා.
1. පරණ කැසට් මෝටරයක්(වෝල්ට් 12 ).මෙහෙම් එකක් ඉලෙක්ට්‍රොනික් වලට ආස ඔනෙම කෙනෙක් ලඟ තියනවනේ.නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියා කරන තැනකින් අයින් කරපු කැසට් මෝටරයක් ඉල්ල ගන්න පුලුවන්.අලුත් එකක් වුනත් රුපියල් 150ක් විතර තමයි වෙන්නේ.
2. ප්‍රෙස් බටන් ස්විච් එකක් මේක ප්රෙස්කරාම විතරක් ඔන් වෙන එකක් වෙන්න ඕන.කඩෙන් ගන්න කොට ඒක චෙක් කරලා ගන්න.සමහර ඒව තියනවා එකසැරයක් ප්‍රෙස් කරාම ඔන් වෙලා තවසැරයක් ප්‍රෙස් කරාම ඕෆ් වෙන ඒවා එවා හරියන්නේ නෑ.කඩේ රුපියල් 35ක් විතර තමයි වෙන්නේ.
3. මෝටරයේ විශ්කම්භයට ආසන්න වශයෙන් සමාන විශ්කම්භයක් තියන පීවීසී බට කැබැල්ලක් අඩියක් විතර එකක් සම්පූර්ණ වැඩේටම ප්‍රමානවත්.මම යොදාගත් මෝටරයටනම් අඟල් 1.5ක බටය ගැලපුනා.
4. මිලිමීටර් 1ක කටුව රැඳවිය හැකි ඩ්‍රිල් චක් එකක්.මම නම් මේක ගත්තේ නුගේගොඩ ජුබිලි හන්දිය ලඟ තියන ලින්ක් එන්ට්රප්රයිසස් කියන එකෙන් මේ චක් එක ගනිද්දි ඒ අය ලඟ තියන පුන්චිම චක් තුන ඉල්ලලා බලලා ඒවයින් දෙවනියට පුන්චි එක මිලදී ගන්න එතනට යනකොට මිලිමීටර් එකක ඩ්‍රිල් කටුවක් අරගෙන ගිහින් ඒක හොඳට තදවෙනවද කියලා බලන්න.පුන්චිම චක් එකට මිලිමීටර් 1ක් කටුව සවිකරන්න අමාරුයි.දෙවනියට පුන්චි එකට මිලිමීටර් 1.5ක් වෙනකම් කටු සවිකරන්න පුලුවන්.මේ චක් එක රුපියල් 190කට තමයි මම නම් ගත්තේ.එතන ඩ්‍රිල් කටුත් ගන්න තියනවා.

5.සුපර් ග්ලූ එකක් සහ වයර් දෙකේ රිබන් කේබල්(ස්පීකර් වයර්) අඩි 2 විතර.
මුලින්ම ඩ්‍රිල් චක් එක මෝටරයට සවි කරගන්න ක්‍රමයක් හදා ගන්න ඕනේ.මේකට මෝටරය සහ ඩ්‍රිල් චක් එක අරගෙන යකඩ ලියවන පට්ටලයකට යන්න ඔනේ පොඩි වැඩක් තමයි කරගන්න තියෙන්නේ.
ඩ්‍රිල් චක් එක ගත්තාම මේ වගේ තියෙයි.මේකේ උඩ පැත්තේ දිගට බටයක් වගේ එකක් තියනවා ඒක මුලින්ම කපන්න.පින්තුරයේ තියන විදියට.

ඊට පස්සේ අපේ චක් එක මේ වගේ පෙනෙයි

පස්සේ අපි මේ කපපු කෙලවර ඇතුලේ තියන සිදුර ඇතුලුපැත්තේ පොටක් කපන්න ඕනේ දක්ශිනාවර්තව තදවෙන විදියට.ඊට පස්සේ ඒ කපපු පොටට හරියන විදියට අඟල් බාගයක් විතර දිග කම්බි කූරක පොටක් කපන්න.

දැන් අර පොට කැපූ කම්බිය අරගෙන ඒකේ හරි මැදින් මෝටරයේ කූර ඇතුලු කරන්න පුලුවන් තරමේ සිදුරක් විදින්න. කැසට් මොටරයේ කුර මිලිමීටර් 1.9 ඒක නිසා මම නම් සිදුර විද්දේ මිලිමීටර් 2ක කටුවෙන්.මේ සිදුරට මෝටරයේ කූර ඇතුලු කරලා තද කරන්න ඕන නිසා මේ කම්බි කැබැල්ලේ පැත්තකින් සිදුරක් විදලා ඇණයක් අල්ලන්න පුලුවන් විදියට පොටක් කපන්න.

දැන් මේ කෑල්ලට අර චක් එකේ පොට කපපු කොටසට තදින් සවි කරලා ඇද ඇර ගන්න ඕනේ.මේ වැඩ් ටික ලියවන පට්ටලේ කින් රුපියල් 200ට විතර කරගන්න පුලුවන්.මම නම් කර ගත්තේ නාරාහේන්පිට පොල්හේන්ගොඩ හන්දියේ තියන පට්ටලේ කින් මම මේ වගේ කොටස් 2ක් හදා ගත්තා ප්‍රමාණ 2ක චක් වලට මට වියදම් වුනේ රුපියල් 350යි.

දැන් මේ චක් එක අපේ මොටරයට සවිකරලා විදුලිය සපයලා බලන්න පුලුවන් ඇද නැතුව කැරකෙනවාද කියලා ඇදයක් තිබුනොත් ඇද ඇරගන්න ඕනේ.
දැන් අර පීවීසී බට කැබැල්ලෙන් අඟල් 8ක් විතර කෑල්ලක් රූපයේ තියන හැඩයට කපා ගන්න.මේකට යකඩ කියත් පටි කැබැල්ලක් පාවිච්චි කරන්න පුලුවන්.

දැන් අර අපේ කැසට් මෝටරය අරගෙන ගලවලා ඒකේ ඇතුලත ස්පීඩ් කන්ට්‍රෝල් සර්කිට් එක අයින්කරන්න.ඊට පස්සේ මෝටරයේ අග්‍ර 2ට වයර් කැබලි 2ක් පාස්සලා මෝටරය නැවත සවිකරන්න.ඊට පස්සේ මෝටරය අර පීවීසී බට කැබැල්ලේ කෙලින් කපපු පැත්තට ඇතුලු කරන්න කූර පිටතට හිටින විදියට.මෝටරය බටයට වඩාලොකු නම් බටය රත්කරාම ලේසියෙන්ම සවිකරන්න පුලුවන් .මෝටරය බටයට වඩා පුන්චිනම් මෝටරය වටේ කඩදාසියක් ඔතලා මෝටරය සෙලවෙන්නේ නැති විදියට සවිකරගන්න.

පස්සේ අඟල් 2ක් විතර දිග පිවීසී බට කැබැල්ලක් අරගෙන එක පැත්තකින් ප්රවෙසමේන් පලන්න ඊට පස්සේ මේ කෑල්ල රත්කරලා ලෑලි කැබලි 2ක් අතර තියලා තෙරපලා පීවීසී තඩඩුවක් හදාගන්න මේ තහඩුවෙන් අර මෝටරය සවිකරපු පිවීසී බටයේ කෝණිකව කපපු කෙලවර වහන්න පුලුවන් පියනක් හදලා ඒකේ මැදින් අපේ ස්විච් එක සවිකරන්න පුලුවන් සිදුරක් හදලා ස්විච් එක සවිකරන්න ස්විච් එක සවිකරලා මෝටරයේ වයර් එකකට ස්විච් එක පාස්සන්න.පස්සේ පීවීසී බටයේ පැත්තකින් සිදුරක් විදලා බලසැපයුම් වයර දෙක එලියට ගන්න. වයර් එක එලියට ඇදිලා ඒම වලක්වන්න වයර් එකේ බටයෙ ඇතුලතින් ගැටයක් ගහන්න.පස්සේ ස්විචය සහිත පියන බටයට සුපර් ග්ලූ වලින් අලවලා පියනේ දාරය බිත්තියක් වගේ රලු දාරයක අතුල්ලලා සුමට කර ගන්න.

දැන් මේකට කලින් හදපු චක් එක සවිකරලා කටුවක් සවිකරලා දක්ශිනාවර්තව කැරකෙන විදියට බලය සපයලා බලන්න.සිදුරු විදිනකොට පීසීබී වල තඹ තහඩුව තියන පැත්තෙන් ව්දින්න.සිදුර විදින්න අවශ්‍ය තැන ඩ්‍රිල් කටුව තියලා ප්‍රෙස් බටන් එක ප්‍රෙස් කරලා විදින්න කැරකෙනවිට ඩ්‍රිල් කටුව පීසීබී වලට තියලා තෙරපන්න උත්සාහ කරන්න එපා.කටුව කැඩේවි.

ඩ්‍රිල් කටුවකින් සිදුරක් විදින්න පුල්වන් වෙන්නේ ඒක ක්ලොක්වයිස් කැරකෙනකොට විතරයි ඒක නිසා මේ උපකරනයේ මෝටරය කරකෙන පැත්ත නිවැරදිව තියෙන්න ඕන ඩීසී මෝටරයක් නිසා ධන හා සෘන මාරුකරලා කැරකෙන පැත්ත මාරු කරන්න පුලුවන්.මේ මෝටරයට වෝල්ට් 12කට වඩා දෙන්න එපා මෝටරය දැවීයාවි.
සෑහෙන වැදගත් ඔබේ ලිපිය ස්තූතියි !!
ReplyDeleteමමත් ඕකක් හදාගන්න ගිහින් චක් එකක් නැතිව සෑහෙන දුකක් වින්ද. ඒ දුකම විඳින අය ඉන්නවනම් මම කරපු වැඩෙත් කියන්නම්
ReplyDeleteමම කරේ ගෙදර වයරින් කරද්දි ගෙනත් තිබ්බ 5A වයර් කනෙක්ටරයක් අරන් ආවරණය ගලවල පෑන් බටයක් මෝටරේට සම්බන්ධ කරල ඒකට කනෙක්ටරේ සම්බන්ධ කරපු එක. ඩ්‍රිල් කටුව දාද්දිත් පෑන් බටයක් දෙකට කපල ඒක කනෙක්ටරේ නිදහස් පැත්තෙන් ඇතුලට දාල ඩ්‍රිල් කටුව ඒක උඩින් තියල කනෙක්ටරේ ඇණය තද කරපු එක. ටිකක් අමාරුයි ඩ්‍රිල් කටුව බැලන්ස් කරගන්න. සාර්ථකම 0.1mm ඩ්‍රිල් කටුව විතරයි. අනිත්ව ටිකක් ලෙඩ දුන්න.
නිවැරදිම ක්‍රමය නොවුනත් චත් හොයාගන්න බැරිම වෙලාවට මේක පාවිච්චි කරල බලන්න
සෑහෙන වටින ලිපියක් මමත් කලින් කලේ පෑන්බටයකට drill bit එක සම්බන්ද කරල තමය් මෙහෙම පොඩි චක් තියෙන බව දැනන් හිටියෙ නෑ. ස්තුතිය් තොරතුරු වලට
ReplyDeleteආ බොට්ස් කොහේද ඔය ඉන්නෙ. කොළඹ සිට ලියමි කියල නම් මේකෙ නෑනේද? අපිට electronic project එකට තියනවා pcb එකක් හදන්න. එළ
ReplyDeleteඒක නෙමේ සඳුදට exhibition member meeting එකට වරෙන්. ගිය සතියෙ කට්ටිය හිටියෙ නෑ කියල වතුවට මල පැනලා ඉන්නෙ.
හම්මියෝ.......... එලනේ....... තැංකූ තැංකූ
ReplyDeleteමමත් කලින් පාවිච්චි කරේ ඔය වයර් කනෙක්ටර් වැඩේ තමයි.ඒක ලෙඩ දෙන්නේ ඩ්‍රිල් බිට් එකෙයි මෝටරයේ ශාෆ්ට් එකෙයි විශ්කම්භ 2 අසමාන වුනාම.ඒකට ඩ්‍රිල් බිට් එකේ ඉහල කෙලවර කඩදාසි තීරුවක් ඔතලා සුපර් ග්ලූ පොඩ්ඩකින් අලව ගන්න එලකිරි වගේ වැඩ කරාවි.මම මේ කොලඹ නෙමෙයි ඉන්නේ ගෙදර ඉන්නේ ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි බ්ලොග් එක ලියන්නේ.කොහොමහරි දිගටම ලියනවා.
ReplyDeleteWaiting for the next article...
ReplyDeleteමට මේ දවස්වල සෑහෙන්න වැඩ ඒක නිසයි පෝස්ට් එකක් දාන්න ප්‍රමාද වුනේ ඉක්මනටම අලුත් පෝස්ට් එකක් බලාපොරොත්තු වෙන්න.
ReplyDeleteවෙරෝ බෝඩ් ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
ReplyDeleteela kolla ela
ReplyDeleteමම අදයි මේ බ්ලොග් එක හොයා ගත්තෙ ඔයා හැම දෙයක්ම හරිම පිලිවෙලට පැහැදිලිව කියලා තියෙනවා...
ReplyDeleteඔයාට මේ දවස්වල වැඩ වැඩි හින්දද මේක ලියන එක නතර කරලා තියෙන්නෙ...
වෙලාවක් ලැබුන වෙලාවක ලියන්න....
ඇත්තටම මේක හොද ක්‍රියාවක්. ඉලෙක්ට්‍රොනික් දන්න අය ඒ දැණුම කාටවත් දෙන්න කැමති නෑ. දුන්නත් භාගෙට දෙන්නේ.
ReplyDeleteඔබට ජය.....!
ReplyDeleteමම මුල ඉදල අයි සී ප්‍රෝගෑම් කරන්න ඉගන ගන්න ආසියි ගගග කොහොමද කරන්නෙ ?? පටන්ගන්න ඕන කොහෙන්ද ?
ReplyDeleteනියමයි තව ලියන්න
ReplyDeleteVery super
ReplyDeleteVery super
ReplyDelete