Sunday, July 25, 2010

ගෙදරදීම PCB හදමු.

[ඉස්සර වෙලාම කියන්න ඕන මේ ක්‍රමය මම හොයා ගත්තේ ඉංග්‍රීසී භාශාවෙන් ලියපු බ්ලොග් එකක් තිබිලා ඒකේ තිබුන කරුනු වලට අමතරව මම ප්‍රායෝගිකව කරන්න ගිහිල්ලා ලබා ගනිපු මගේ අත්දැකීම්නුත් එක්ක තමයි මේක ලියන්නේ.මේ ක්‍රමය මම කරපු හැම වතාවකදීම 100%ක්ම සාර්තක වුනා.]

අවශ්‍ය ද්‍රව්‍ය.
01.පරන සඟරාවක පිටුවක් දෙකක්.
02.කළු සුදු ලේසර් ප්‍රින්ටරයක් (ප්‍රින්ටරයක්ම ඕන නැහැ ප්‍රින්ට් අවුට් එක විතරයි ඕන ).
03.සාමාන්‍ය රෙදිමදින්න ගන්න අයන් එකක්(මිනිත්තු 20කට විතර ).
04.අවශ්‍ය ප්‍රමානයේ කොපර් බෝඩ් කැබැල්ලක්.
05.කලින් සකස්කරගන්නා ලද ෆෙරික් ක්ලෝරයිඩ් දියරය.
06.විම් කැටයක්(මිනිත්තු 5කට විතර ).
07.තිනර්(හෝ පෙට්‍රල් ) ස්වල්පයක් සහ තුනීම වැලිකඩදාසි කෑල්ලක්.
08.තුඩ පුන්චි පර්මනන්ට් මාකර් පෙන් එකක්(සීඩී වල ලියන්න ගන්න පෑනක් ).
09.ප්ලාස්ටික් වයර් එකක්(මැද කම්බිය අයින් කරපු සාමාන්‍ය වයරින් වයර් එකනින් කෑල්ලක් වුනත් කමක් නෑ )
මුලින්ම පරන ස්ඟරාවක පිටුවක් හොයාගෙන ඒක A4 සයිස් එකට කපා ගන්න.මේ ස්ඟරා පිටු හොයා ගනිද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කලර් ප්‍රින්ට් කරලා තිබුනාට කමක් නැහැ.හෑන්ඩ් බිල් තරම් ලිස්සන සුලු ඒවා ගැලපෙන්නේ නෑ පත්තර පිටු වගේ රෆ් එවා හරිවන්නේ නෑ මේකට හරියන්නේ පත්තර පිටු තරම් තුනී හෑන්ඩ් බිල් වලට වඩා ටිකක් දිලිසෙනසුලු බවින් අඩු එවා තමයි.තවත් මේකට ගන්න පුලුවන් බැංකු වලින් අයින් කරන ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ට් අවුන් වලට ගන්න කොල(අර දෙපැත්තේ සිදුරු පේලි 2ක් තියන තුනී කොල ජාතිය )හැබැයි මේව ප්‍රින්ටරයට දාන්න අමාරුයි.මේ මොනවත් හොයා ගන්න නැත්නම් සාමන්‍ය ඒ4 කොල වුනත් කමක් නෑ.
ඊට පස්සේ මේ හොයා ගනිපු කොලේ මත අපේ පීසීබී ඩිසයින් එක ප්‍රින්ට් කරගන්න ඕන.මේකට අනිවාර්ය්‍යෙන්ම ලේසර් ප්‍රින්ටරයක්ම අත්‍යාවශ්‍යයි. ඉන්ක් ජෙට්,බබල් ජෙට්,ෆොටෝ-කොපි හරියන්නේම නෑ(මම ට්‍රයි කරලා තියනවා). ඔයාලගේ පීසීබී ඩිසයින් එක තියෙන්නේ බෝඩ් එකේ යටිපැතෙන් බැලුවාම පේන විදියටනම් ප්‍රින්ට් කරද්දි අනිවාර්ය්‍යෙන්ම මිරර් ඉමේජ් එකක්(කන්නාඩියෙන් පේන වීදියට පැත්ත මාරුකරලා ) තමයි ප්‍රින්ට්කරන්න ඕන.ඒ මොකද කියලා ඉස්සරහදි තේරුම යාවි.පීසීබී ඩිසයින් එක තියෙන්නේ බෝඩ් එකේ උඩ පැත්තෙන් බැලුවාම පේන විදියට නම් මිරර් කරන්නේ නැතිව ප්‍රින්ට් කරන්න.කොහොම ප්‍රින්ට් කරත් 100%ට තමයි ප්‍රින්ට් කරන්න ඕන.සමහරවිට තුනී කොල ලේසර් ප්‍රින්ටරයට ගන්නේ නෑ එහෙම වුනොත් ඒ කොලේ කොන් වලින් විතරක් සාමාන්‍ය A4 එකකට අලවලා ප්‍රින්ට් කරගන්න.
ප්‍රින්ට් කරගනිපු ඩිසයින් එක කොපර් බෝඩ් එකට වඩා සෙන්ටි මීටර් 3ක් විතර වැඩිපුර තියෙන්න කපා ගන්න.
ඊට පස්සේ කොපර් බෝඩ් එක අරගෙන විම් වලින් හොඳට හෝදලා වේල ගන්න.මෙහිදී කොපර් තහඩුව තියන පැත්ත විතරක් පිරිසිදු කරාම ඇති.

ඊට පස්සේ අර කලින් සකස්කරපු පීසීබී ඩිසයින් එක කොපර් බෝඩ් එකේ කොපර් තහඩුව තියන පැත්තට අලවගන්න.ප්‍රින්ට් කරපු පැත්ත කොපර් බෝඩ් එකට හිටින විදියට තමයි අලවගන්න ඕන.අලවද්දී කොපර් බෝඩ් එකේවත් කොපර් බෝඩ් එකමත ස්ඵර්ශ වෙන කඩදාසියේ කිසිම තැනක වත් ගම් තැවරෙන්න දෙන්න එපා.ගම් ගාන්න ඕන අර කඩදාසියේ වැඩිපුර ඉතිරි කරපු කොටස් වල විතරමයි ගම් ගාලා බෝඩ් එකේ උඩ පැත්තට අලව ගන්න මේක ගොඩක් තදට අලවන්න ඔනේ නෑ කඩදාසිය එහේ මෙහේ හෙලවෙන්නේ නැතුව හොඳට ඇදිලා තිබුනාම ඇති


ඊට පස්සේ අයන් එක හොඳට රත්කරලා අර ඩිසයින් එක අලවා ගනිපු බෝඩ් එකේ ඩිසයින් එක තියන පැත්ත(කොපර් තහඩුව තියන පැත්ත ) විනාඩි 5ක් විතර තදින් අයන් කරන්න.මේ අයන් කරද්දී කඩදාසිය බෝඩ් එකෙන් හෙලවෙන්න දෙන්න එපා.එහෙම වුනොත් අපේ වැඩේ තේරුමක් නැති වෙනවා.විනාඩි 5 ට වැඩිවුනාට කමක් නෑ විනාඩි 10 ට වඩා වැඩිවෙන්න දෙන්න එපා එහෙම වුනොත් බෝඩ් එකෙන් කොපර් තහඩුව ගැලවෙන්න පුලුවන්.ඊට පස්සේ අයන් එක අයින් කරලා හෙමිහිට බෝඩ් එක නිමෙන්න දෙන්න නිමෙනකම් අතින් අල්ලන්නවත් එපා ඉක්මනට නිමන්න කියල වතුර දාන්න එපා එහෙම වුනත් බෝඩ් එකෙන් කොපර් තහඩුව ගැලවෙන්න පුලුවන්.මිනිත්තු 20න් විතර ඉබේම නිමෙනවා.
ඊට පස්සේ මේ කොලේ පිටින්ම බෝඩ් එක වතුර එකක ගිල්වලා මිනිත්තු 30ක් විතර තියන්න .ඊට පස්සේ අර කලින් අලවපු කොලේ හොඳින් පෙඟිලා තියෙවි.මේකොලේ පරිසමින් ඇඟිල්ලෙන් පිරිමදින්න එතකොට අර ලේසර් ප්‍රින්ට් එක කොපර් බෝඩ් එකට වැදිලා තියනවා පෙනෙවි.පරිස්සමෙන් කඩදාසිය සම්පුර්ණයෙන් අයින් කරලා දාන්න.මැගසින් කොල නැතිව සාමාන්‍ය කොල ගත්තාම වෙන ප්‍රශ්නේ තමයි මෙහෙම කොලේ අයින් කරද්දී ලේසර් ප්‍රින්ට් එකෙනුත් කෑලි ගැලවිලා අයින් වෙනවා.ගොඩක් පරිස්සමෙන් තමයි කරන්න වෙන්නේ.කොහොම හරි වෙන්න ඕන ලෙසර් ප්‍රින්ට් එක බෝඩ් එකේ තඹ තහඩුවට කොපිවෙන එක.කඩදාසිය සම්පූර්නයෙන් අයිනකරන්න .දැන් තේරෙන්න ඇති මිරර් කරලා ප්‍රින්ට් කරන්න කිවුවේ ඇයි කියලා.


ඊට පස්සේ අපේ බෝඩ් එක ඩිසයින් එකත් එක්ක පරිස්සමෙන් සංසන්දනය කරලා බලන්න ලේසර් ප්‍රින්ට් එක වැදුනේ නැති තැන් තියනවාද කියලා(සමහර වෙලාවට ගොඩාක්ම සිහින් පාත් කැඩි කැඩි වගේ තියෙවි ) එහෙම එවා තියනවානම් මාකර් එකෙන් ඒවා නිවැරදි කරන්න.සමහර වෙලාවට මහත පාත් වල මැද සිදුරු වගේ තියෙවි ඒවත් නිවැරදි කරන්න.


ඊට පස්සේ ප්ලාස්ටික් වයර් එක අරගෙන අපේ බෝඩ් එක රඳවා ගන්න පුලුවන් ආධාරකයක් හදාගන්න.
ඊට පස්සේ ෆෙරික් ක්ලෝරයිඩ් ටිකක් ප්ලාස්ටික් භාජනයකට දාලා, අපේ බෝඩ් එක අපේ අධාරකයේ රඳවලා ,බෝඩ් එක දියරයේ ගිල්වන්න.

ඊටත් පස්සේ මිනිත්තු 10න් 10ට ඉවතට අරගෙන බෝඩ් එකේ අපට අවශ්‍ය නැති කොටස් සම්පූර්නයෙන් ඉවත් වෙලාද කියලා බලන්න.අපට අවශ්‍ය නැති කොටස් සම්පූරන්යෙන්ම අයින් වුනාට පස්සේ බෝඩ් එක ඉවතට අරගෙන පිරිසිදු ජලයෙන් 3-4 පාරක් හෝදගන්න.

ඊට පස්සේ බෝඩ් එක තිනර් හරි පෙට්‍රල් වලින් හරි හොඳින් හෝදන්න(පර්මනන්ට් මාකර් එකෙන් පාටකරපුවා අයින් වෙන්න ).පස්සේ තුනීම වැලිකඩදාසියකින් මැදලා ලේසර් ප්‍රින්ට් එක අයින් කරගන්න,පසුව විම් වලින් හෝදලා බෝඩ් එක සුද්ධ කර ගන්න.
අන්තිමට අපේ බෝඩ් එකේ දාර වැලිකඩ දාසියකින් මැදලා අවශ්‍ය තැන් වල සිදුරු විදලා ගන්න.
පස්සේ උපකරන පාස්සලා ටෙස්ට් කරලා බලන්න පුලුවන්.මම ඉදිරියට පලකරන්න බලාපොරොත්තු වෙන සේරම සර්කිට් වලට පීසීබී ඩිසයින් එකත් දෙනවා.ඕන කෙනෙකුට හදාගන්න ලේසි වෙන්න.



ඊලඟට introduction to PIC

41 comments:

  1. නියමයි කොල්ලෝ. ඔහොම යමු

    ReplyDelete
  2. එළ මචං. නවත්තන්නෙ නැතුව දිගටම ලියනවා නේද?

    ReplyDelete
  3. මල්ලි,ගොඩක් වැදගත් පෝස්ට් එකක්.දිගටම ලියන්න.PCB එක ෆෙරික් ක්ලෝරයිඩ් වල දාල ගත්තට පස්සෙ පොඩි පොඩි කඩතොලු ඉතුරු වෙනවා.අපි කඩෙන් ගන්න එව්ව වාගෙ ලයින් එක "බ්ලේඩ් එකෙන් කැපුව වාගෙ "ඉතුරු වෙන්නෙ නෑනෙ.මේකට ෆෙරික් ක්ලෝරයිඩ් වලට වඩා ඉක්මණට ප්‍රතික්‍රියා කරණ රසායනිකයක් නැද්ද?

    ReplyDelete
  4. මේකට මම පාවිච්චි කරන්නෙ ට්‍රාන්ස්පේරන්ට් කොල (අර ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් වලට දාන්නෙ).. ඒකෙ ප්‍රින්ට් කරලා අලවලා පත්තර කොලයක් උඩින් තියලා අයන් කරාම එලට එනවා. දිනේශ් ගෙ කඩතොලු ප්‍රස්නෙ උණුසුම් ෆෙරික් ක්ලෝරයිඩ් දියරයකින් විස‍ඳෙනවා.

    තව තෙල් කඩදාසිත් හොඳයි.

    ReplyDelete
  5. ෂඃ ... මේක නම් මරු මල්ලි .. අපිට හරිම වටිනවා......

    ReplyDelete
  6. @dinesh
    මම දන්න විදියට සමහර රටවල ෆෙරික් ක්ලෝරයිඩ් වලට අමතරව හ්යිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ් සහ නයිට්‍රික් ඇසිඩ් පාවිච්චි කරනවා.මේවා ඉක්මන් වෙන්න පුලුවන් ඒ වගේම භයානකයි.වැම්පයර් කිවුවා වගේ ෆෙරික් ක්ලෝරයිඩ් එක රත්කරාම හරි.ඕනේ නම් ෆෙරික් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රනය පොඩ්ඩක් වැඩි කරන්නත් පුලුවන්.එතකොට අපිට අවශ්‍ය කොටස්නුත් දියවෙන්න පුලුවන්.

    ReplyDelete
  7. වැදගත් ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
  8. හොඳ ලිපියක් මල්ලි.

    ෆොටෝ කොපි කිරීමත් හරි යනවා කියලා මට කෙනෙක් කිව්වා ට්‍රාන්ස්පේරන්සි කොල වලට නම්. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් ට්‍රාන්ස්පේරන්සි කොලයට තින්ත කඩදාසියට තරම් අල්ලන්නේ නැති නිසා. මම පුද්ගලිකව නම් කරලා තියෙන්නෙ ට්‍රාන්ස්පේරන්සි උඩ ලේසර් ප්‍රින්ට් විතරයි.

    සඟරා කඩදාසි යොදා ගැනීම කාගේ වුනත් හොඳ හොයා ගැනීමක්.

    ReplyDelete
  9. එල එල ඔහොම යං!

    ReplyDelete
  10. එලකිරි එලම කිරි..... මාත් ඔය සර්කිට් ජල්ටොං වලදි මාර කස්ට්ටක් කෑවා... බෝඩ් එක හදන්න එක්කො පෙන් එකෙන් අඳිනව හෙමත් නැත්තං ස්ටිකර් පටි කපල අලවනව... අපෝයි විඳපු දුකක්,
    බොහෝම තැංකූ සහෝදරයා දුන්න උදව්වට... දිගටම ලියන්න.

    ReplyDelete
  11. කාලෙකින් නේද ? හොද ලිපියක්.

    ReplyDelete
  12. නියම ලිපියක්.මමත් ගෙදරදි PCB හදලා තියෙනවා. හැබැයි ඔහොම නෙමේ marker pen එකකින් ඇදලා. එකේදී තියෙන අවාසිය තමා සියුම් පරිපථ අදින්න බැරි කම. නමුත් ඔයාගේ ලිපියේ තියෙන ක්‍රමයෙන් ඒවත් හදා ගන්න පුළුවන්. ස්තුතියි ලිපියට .දිගටම ලියන්න.

    ReplyDelete
  13. මම මේ ලියන රටාවේ වෙනසක් කරන්න ඔනේ නම් හරි ඔයලාට අවශ්‍ය දෙයක් තියනවානම් හරි කමෙන්ට් එකක් දාන්න. පුලුවන් දෙයක් කරන්නම් කියවපු අයටයි කමෙන්ට්ස් දාපු අයටයි බොහොම තෑන්කූ වේවා..!

    ReplyDelete
    Replies
    1. yaluwa,parana sagara pepar wenuwata photo pepar ganna.very nice

      Delete
  14. yes ,this is a good article ,the english version of this article you can found at
    http://www.riccibitti.com/pcb/pcb.htm

    And who have electronic madness about electronics and PIC series there are may sites in internet
    some are below and if you are using a software
    like PortableOfflineBrowser you can download the whole site into your local machine and browse it in your machine without internet

    Best Regards,
    Pradeep


    http://elecurls.tripod.com/
    http://www.electronics-tutorials.ws/links/links.html
    http://zone.ni.com/devzone/cda/tut/p/id/6030
    http://www.circuitstoday.com/category/digital-electronics
    http://www.circuit-diagrams.com/circuit-diagrams.php
    http://www.extremecircuits.net/
    http://www.free-circuits.com/circuits/light-and-led
    http://home.roadrunner.com/~randylinscott//index.html
    http://members.shaw.ca/roma/
    http://users.otenet.gr/~athsam/
    http://www.electronickits.com/kit/plans/plans.htm
    http://www.guidecircuit.com/
    http://www.rentron.com/Infrared_Remote_Control.htm
    http://www.sentex.ca/~mec1995/
    http://www.solorb.com/elect/
    http://www.swtpc.com/mholley/PopularElectronics/Popular_Electronics.htm
    http://www.techlib.com/
    http://www.tehnomagazin.com/Schematics_wiring_diagram_circuits_schema/Audio_amplifier_schematics_wiring_diagram_circuits_schema_electronic_projects.htm
    http://www.robotroom.com/index.html
    http://www.piclist.com/techref/piclist/index.htm
    http://www.free-circuits.com/
    http://www.diy-electronic-projects.com/home
    http://www.electronicsforu.com/electronicsforu/lab/
    http://www.satsleuth.com/schematics.htm
    http://www.diy-electronic-projects.com/home
    http://sound.westhost.com/index2.html
    http://zone.ni.com/devzone/cda/tut/p/id/5579
    http://picprojects.org.uk/projects/picprojects.htm
    SingleURL=http://picprojects.org.uk/index.html
    http://www.zen22142.zen.co.uk/index.html
    http://english.cxem.net/
    http://www.allaboutcircuits.com/vol_1/index.html
    http://www.bowdenshobbycircuits.info/
    http://www.qsl.net/yo5ofh/hobby%20circuits/led_circuits.htm
    http://www.redcircuits.com/
    http://www.hobbyprojects.com/index.html
    http://www.educypedia.be/electronics/circuitsled.htm
    http://en.wikipedia.org/wiki/Electronics
    SingleURL=http://en.wikipedia.org/wiki/Portal:Electronics
    http://www.electronic-circuits-diagrams.com/
    http://www.electronics-lab.com/
    http://www.epanorama.net/index.php?index=circuit
    http://www.sciencelobby.com/
    http://www.talkingelectronics.com/te_interactive_index.html
    http://electronics-diy.com/index.php
    http://sound.westhost.com/index2.html
    http://electroschematics.com/
    http://www.educypedia.be/index.htm
    http://simpleelectronic.com/
    http://www.next.gr/
    http://www.winpicprog.co.uk/pic_tutorial.htm
    http://datasheetoo.com/
    http://www.discovercircuits.com/index.htm
    http://www.laynetworks.com/assembly%20tutorials.htm
    http://www.mstracey.btinternet.co.uk/pictutorial/picmain.htm
    http://www.ic.unicamp.br/~celio/mc404/pic/pic_for_programmers.html
    http://www.pages.drexel.edu/~kws23/tutorials/PICTutorial/PICTutorial.html#Parts
    http://www.gooligum.com.au/tut_baseline.html
    http://www.best-microcontroller-projects.com/
    http://en.wikipedia.org/wiki/PIC_microcontroller
    http://www.pictutorials.com/
    http://www.picprojects.247n.com/

    ReplyDelete
  15. පට්ට ලින්ක් ටික.කඩ්ඩ සයිට් එක මට හොයාගන්න බැරුව හිටියේ.මගේ ලඟ ගොඩක් ඉස්සර සේව් කරපු පේජ් එක විතරයි තිබුනේ.බොහොම තෑන්ක්ස්.

    ReplyDelete
  16. නියමයි, තවත් හොද ලිපි ඉදිරියටත් දාන්න. PCB එක සිදුරැක‍රේ මොකකින්ද කියලත් කරැණාකර කියනවද?

    ReplyDelete
  17. Mata sinhala type karanne wela yanawa ekai mama
    english walin liyanne.

    You can buy a Handrail for drilling PCB from Borella YMBA at Senith Electronics .I bought one Handrail there are 3 Drills i found.
    Prices are shown below(not exact values )

    Hand Drill LKRS 250-300
    Electric Drill (With motor) LKRS 1750
    Copper Clad Board 1 sq feet 280

    Also Senith Magazine and Sipnana Magazine are there and
    A Sinhalese book for pic programming with 4 volumes available at their
    Book names are below :
    PIC Progranning I,II,III,IV
    by Sarath Pramachandra
    with these books a PIC programmer PCB is given free and all codes are included in a CD.

    And One Book is there named
    CreatingPcb , a book that introducing PCB creating using various software ,this book also have a CD and that contain 5 software that can be used to Create,Design,Simulate PCB and circuits.

    ReplyDelete
  18. මමත් පාර්ට්ස් ගන්නේ ගොඩක් වෙලාවට සෙනිත් එකෙන් තමයි.සිප්නැණ මැගසින්වල තියනවා ගෙදරදීම 1mm ඩ්‍රිල් එකක් හදාගන්න හැටි. මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගොඩක් ඉහල තත්වයේ ඩ්‍රිල් එකක් හදා ගත්තා ඔනේ නම් හදපු හැටි ලියන්නම්.මට රුපියල් 500ක් විතර තමයි අතින් වියදම් වුනේ.කඩෙන් ගන්නවට වඩා අපිම හදාගන්න එකේ පොඩි ගහියක් තියනවා නේ.

    ReplyDelete
  19. Kooo ithin oya eka liyanne na ne

    ReplyDelete
  20. http://www.diagramcircuitelectronic.com/


    geeth

    ReplyDelete
  21. Great Job buddy, really helpful.

    One simple tip that worked for me,

    -> Put your coper clad board just for 5 seconds into Feric Cloride before pasting laser print to the board. this will help to stick the laser toner to the board when we ironing.

    Thanks,
    Dilhan.

    ReplyDelete
  22. These are still mid range skills, and they improve upon other skills
    with additional destruction. The most trusted, immediate and dependable process
    is to unlock your Blackberry by the means of Instant Blackberry MEP codes.
    After all, Mitt Romney is a political dichotomy who has been criticized in the media and by fellow candidates for his
    perpetually changing views and surprising frugality.


    Look into my web-site visit the next website

    ReplyDelete
  23. However, you must know how to be able to effectively utilize the tools
    for you to essentially fully use the website. You don;t have to be fake, just forgive yourself for the bad pictures taken at a bad moment and praise yourself for
    the ones that give you respect. It allows you to see their picture and decide if you should
    add them to your friends.

    Here is my blog; Email Console

    ReplyDelete
  24. Patta wedak aaaa.. Math Hoya Hoya hitiye.. Digatama liyamu...

    ReplyDelete
  25. mamath pcb hadala thiyanawa athi adala may kramaya godak hodai

    ReplyDelete
  26. mamath pcb hadala thiyanawa athi adala may kramaya godak hodai

    ReplyDelete
  27. mamath pcb hadala thiyanawa athi adala may kramaya godak hodai

    ReplyDelete
  28. PCB drill හාදාගන්නා හැටි කියා දෙන්නා

    ReplyDelete
  29. මචෝ pcb ඩිසයින් සොප්ට් වෙයා ටිකක නම් දාාන්න පුලවන්ද

    ReplyDelete
  30. https://m.youtube.com/watch?v=pJi57NBXmY0

    ReplyDelete
  31. https://smpssinhala.blogspot.com/2017/05/smps-smps-smps-smps.html

    ReplyDelete
  32. මේ චැනල් එකත් ඔයාලට ප්‍රයෝජනවත් වේවි....

    https://www.youtube.com/channel/UCcn7TkzHrN9ZkqWV3akY8FQ?disable_polymer=true

    ReplyDelete
  33. සඟරා කොල පාවිච්චිය හොඳ අදහසක් තමයි. photo board ගොඩක් හොඳ වෙයි කියල හිතනවා.

    ReplyDelete

ගල් මුල්,අදහස්,ප්‍රශ්න සේරම මේකේ ලියලා යන්න